Friday, March 1, 2019

2019 මාර්තු 6 රාහු-කේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?






   ජ්‍යොතීෂයේදී රාහු හා කේතු හඳුන්වනුයේ 'ඡායා ග්‍රහයින්" ලෙසටයි. එනමුත් මෙම ග්‍රහ දෙපල මඟින් මිනිස් ජීවිතවලට කරන බලපෑම නම් සුළුපටු නැහැ. එනිසාම සමහරු රාහු -කේතු යන මේ ග්‍රහ දෙපලට බියක් දැක්වති. ඔවුන් අසුබ රාශි ගතව පිහිටීමෙන් අයහපත් වාතාවරණ ගෙනෙනවා මෙන්ම සුබ රාශිගතාව හෝ සුබ දෘෂ්ටි සමඟ වීමෙන් යහපත් තත්වයන්ද නිර්මාණය කෙරේ. රාහු සාමාන්‍යයෙන් හිතුවක්කාර ගති ඇති පාපකාරී වින්දනයන්ට බර,දුර දිග නොබලා වැඩ කරන ග්‍රහයෙකු ලෙසට ප්‍රචලිත වුවත් එය සුබව පිහිටියොත් ව්‍යාපාර කටයුතු වලින් ඉහළටම යා හැකියි. ධනය හා ප්‍රසිද්ධියට ද දේශපාලනයටද සුබ පිහිටීමක් වනවා ඇත. කේතු ග්‍රහයාද ලෙඩ රෝග ඇති කරන හා රාශියක ඵල හීනකරන දුෂ්ඨ ග්‍රහයෙකු ලෙසට සමහරු සැළකුවද සුබ ලෙසට පිහිටිමෙන් ආධ්‍යාත්මිකත්වයට හා ඉගෙනීම් කටයුතු වලින් සුබ ඵල රැගෙන ඒමට සමත් වේ.

2019 වසරේදී රාහු හා කේතු මාරුව සිදුවන්නේ මාර්තු 6 දිනයි. මෙහිදී රාහු මිථුනයට හා කේතු ධනු රාශියටහ් මාරු වේ. එය ඔබේ උපන් ලග්නයට කරන බලපැම් හා පලාපල විස්තරය විමසා බලමු. මෙම ග්‍රහ මාරුවෙහි බලපැම 2020 සැප්තැම්බර් දක්වාම පැවතිනු ඇත.


1. මේෂ ලග්නය
ඔබේ ලග්නයෙන් 3 වැන්නට රාහුත් 9 වන්නට කේතු ග්‍රහයාත් පැමිණෙයි. ගෘහ ජීවිතයේ සමගියට එය යහපත්ය. කෙටි විදේශ ගමන් බිමන් යෙදිය හැකියි. රැකියාවෙන් උසස් තනතුරු බලාපොරොත්තු වූයේ නම් ඒවාටද සුබය. වැඩිපුර ආගමට බරව කටයුතු කරන කාලයකි.

2. වෘෂභ ලග්නය
ඔබේ ලග්නයෙන් 2 වැන්නට රාහුත්, 8 වැන්නට කේතුත් පැමිණෙයි. ආර්ථිකයට සුබ නැති නිසා ගනුදෙනු වලදී කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යයේ ගැටලු මතුවිය හැකි කාලසීමාවකි. විවාහකයින් අතර අසමඟිය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි නිසා වෙනදාට වැඩි ඉවසීමකින් කටයුතු කළ යුතුයි.

3. මිථුන ලග්නය.
මෙවර රාහු ඔබේ ලග්නයට හා කේතු 7 වන්න්නට ගෝචර වේ. තීරණ ගැනීමේදී දෙවරක් සිතාබලා කටයුතු කිරීමට වගබලාගන්න. සිතට අසහනකාරී කාලසීමාවක් නිසා මානසික පීඩා වැඩියි. අන්යන් සමඟ හා පවුලේ උදවිය සමඟ හැකිතාක් සාමකාමීව කටයුතු කරන්න. ඉගෙනීමේ කටයුතු වලදී බාධක වැඩියි එනිසා දැඩි උනන්දුවකින් කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර වලටද එතරම් සුබ තත්වයක් නොපෙන්වයි. හැකිතාක් ආගමට බරව කටයුතු කරන්න.

4. කටක ලග්නය
ඔබේ වැයස්ථානය වූ 12 වැන්නට රාහු හා 6 වැන්නට කේතුගේ පැමිණීම එතරම් සුබ නොවේ. රෝගී තත්ව වරින්වර මතුවිය හැකියි. වියදම් අධික වේ. මානසික පීඩනයද වඩි නිසා නින්ද අඩුවන කාලසීමාකි. රැකියාවෙහි පීඩාකාරිත්වයද වැඩිවිය හැකියි. විදෙස් ගමන් ගැන බලාපොරොත්තු සඵල වේ.

5. සිංහ ලග්නය
රාහු 11 වැන්නට හා කේතු 5 වැන්නට පැමිණීම සුබයි. ආර්ථිකය විශේෂයෙන්ම ව්‍යාපාරිකයින්ට අතමිට සරු විය හැකි කාලයකි. නමුත් ඉගෙනගන්න ළ්වයසෙහි ළමුන් සිටී නම් ඔවුන්ගේ උනන්දුව අඩුවිය හැකි කාලසීමකි. එනිසා ඒ ගැන පෙර දැනුවත්බවින් සැලකිලිමත්ව කටයුතු කරන්න.

6. කන්‍යා ලග්නය
ඔබේ කේන්දරයෙහි රාහු 10වැන්නට හා කේතු 4 වැන්නට පැමිණේ. රැකියාවේ සුළු ගැටලු මතුවේ. නමුත් ආර්ථිකයට එතරම්ම අයහපතක් නැත. රැකියා මාරුවක් වුවද සිදුවිය හැකියි. මවුපස ඥාතියෙක් ගැන දුක්මුසු ආරංචි අසන්නට ලැබිය හැකියි.

7. තුලා ලග්නය
රාහු 9 වැන්නටත් කේතු 3 වැන්නටත් පැමිණීම එතරම් සුබ නැත. මානසික පීඩාකාරිත්වය වැඩි විය හැකියි. විදෙස්ගත වීම් ද විය හැකියි. ආගමට බරව කටයුතු කිරීම ඔබට යහපත්ය. පිය පස අයෙකුගේ අසනීප තත්වයක් ගැන අසන්නට ලැබේ. සහෝදරයින් සමඟින් ගැටුම් ඇතිකර නොගැනීමට වගබලා ගන්න.

8. වෘශ්චික ලග්නය
රාහු මෙවර ඔබේ ලග්නයෙන් 8 වැන්නට හා කේතු 2 වැන්නට පැමිණීම ද එතරම් යහපත් නොවේ. මාර්ග අනතුරු හෝ හදිසි අනතුරු වලට ලක්වීමේ ඉඩකඩ වැඩි නිසා ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් වන්න. විවාහකයින් අතර ගැටුම් වැඩිවිය හැක එබැවින් ඉවසීමකින් කටයුතු කරන්න. අර්ථිකයෙහිද එතරම් සුබ තත්වයක් නොපෙන්වයි.

9. ධනු ලග්නය
ඔබේ ලග්නයට එනම් පළමුවැන්නට කේතුගේ පැමිණීමත් 7 වැන්නට රාහුගේ පැමිණීමත් දැනට ගෙවන ශනි ඒරාෂ්ඨකයද සමඟින් කරන සියලු කටයුතුවල බාධක වැඩිවිය හැකියි. ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන්න. ප්‍රේම සබඳතා හා විවාහකයින් අතරද අඬ අබර වැඩිවන කාලසීමවකි. ව්‍යාපාරිකයින් මෙම කාලයේදී අවදානම් සහගත තීරණවලට යාමෙන් වළකින්න. වියදම් ද අධික කාලසීමාවක් වනු ඇත. හැකිතාක් ආගමට බරව කටයුතු කරන්න.

10. මකර ලග්නය
රාහු 6 වැන්නට පැමිණීම හා කේතු 12 වැන්නට පැමිණීමත් ඔබට එතරම් අයහපතක් නොපෙන්වයි. නමුත් රෝග තත්ව ආදිය මතුවිය හැකි නිසා ඒ ගැන සෑළකිලිමත් වන්න. වියදම් පස වැඩියි. නමුත් යම් සුබ ආරංචි අසන්නට ලැබිය හැකි කාලසීමාවකි.

11. කුම්භ ලග්නය
ඔබේ ලග්නයෙන් 5 වැන්නට රාහු ද 11වැන්නට කේතුද පැමිණීම එතරම් යහපත් නැත. මනස අවුල් කරන කාලයක් නිසා මුදල් හෝ ණය ආදිය ගැන ඔබ ගන්නා තීරණ වලදී වැඩිපුර පරිස්සම් වන්න. ප්‍රේමවන්තයින් හා විවාහකයින් අතර ගැටුම් වැඩිවිය හැකියි. ඒ ගැන දැනුවත්ව දැඩි ඉවසීමකින් කටයුතු නොකළහොත් වෙන්වීම්වුවද  සිදුවිය හැකි කාලසීමාවකි. ඉගෙන ගන්න වයසෙහි ළමුන්ටද එතරම් සුබනොවන නිසා පෙරට වැඩි කැපවීමකින් කටයුතු කිරීමට වගබලාගත යුතුයි.

12. මීන ලග්නය.
මෙවර රාහු ඔබේ ලග්නයෙන් 4 වැන්නට හා කේතු 10 වැන්නට පැමිණීම ගෘහ ජීවිතයේ හා රැකියාවෙහි ගැටලු වැඩිකිරිමට හේතු විය හැකියි. ආර්ථිකයේද ප්‍රශ්න වැඩි කාලසීමක් නිසා අරපරිස්සමින් කටයුතු කරන්න. නිවාස සිහින ගැන ඔබ තැබූ බලාපොරොත්තු ප්‍රමාදවීම සිදුවන බවද පෙනේ.


අයි. සිරිවර්ධන.


 ASTROMANSALA Online Astrology Service in Sri Lanka.