Thursday, January 23, 2020

2020 ජනවාරි 24 සෙනසුරු මාරුව ඔබට කොහොමද?- ලග්න පලාපල විස්තරය





    'ශනි' නැතිනම් 'සෙනසුරු' යන නම ඇසුන පමණින්ම වැඩි දෙනෙකු බියක් දක්වනවා. ඒ එම ග්‍රහයාගේ කටුක ස්වභාවය නිසයි. සෙනසුරු ජ්‍යෝතිෂයේදී දුකට අදිපති ලෙස හැඳින්වුවත් සැබවින්ම පුද්ගලයෙකුගේ ජීවිතයේ යථාර්තය අවබෝධ දෙන ග්‍රහයා ද වේ. කර්මයට අදිපති වූ මේ සෙනසුරු ඔබේ ජන්ම පත්‍රයෙහි තැන්පත්වී සිටින ආකාරය හා ග්‍රහ ගෝචර අනුව ඔහු ජීවිතයට අසුබ මෙන්ම සුබ පලයන් ද ගෙන දීමට සමත් වෙයි.

 2020 වසරේ ජනවාරි 24 මධ්‍යම රාත්‍රියේදී පමණ සෙනසුරු ග්‍රහයා තමන්ගේම නිවසක් වූ මකර රාශිය වෙතට පැමිණෙයි. මේ ගැන මේ වනවිටත් සමාජජාල හරහා වැඩි වශයෙන් කතාකරනු දක්නට ලැබෙනවා. පොදුවේ මෙම ශනි මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය ගැන විමසා බලමු.

සෙනසුරු මාරුව ලංකාවට කොහොමද?


ශ්‍රී ලංකා කේන්දරය කුම්භ ලග්නය හිමියි. ඒ අනුව ශනි 12 වැන්නට පැමිණීම තුළ මෙතැන් සිට මුල් අවුරුදු 4 තුළ ආර්ථික ප්‍රශ්න උග්‍ර වනු ඇත. 
ඉදිරි වසර *හතහමාරක පමණ කාලය තුළ අප රටෙහි බාධක රැසක් මැද වුවද ආර්ථිකයේ කැපි පෙනෙන පරිවර්තනයක් සිදුවිය හැකියි. 
 එමෙන්ම ජලයෙන් හා සුළඟින් හෝ භූකම්පන වලන් සිදුවිය හැකි ස්වභාවික විපත් වසංගත රෝග ගැන ඉදරි දෙවසර තුළදි අසන්නට ද ලැබිය හැකියි. මේ අතරතුරදි යම් ආකාරයකට දුර්භික්ෂ තත්වයකටසමාන යම් වාතාවරණයක් වුව ද ඇතිවිය හැකියි. මෙම කාලය ආකාරයකින් රට වැසියන්ගේ අසමඟිකම් වැඩි විය හැකි කාල සීමාවක් බව ද කිව යුතුයි.

මේෂ ලග්නය


ශනි ඔබේ 10 වැන්නට පැමිණීමත් සමඟින් රැකියාවෙහි හෝ ආදායම් මාර්ග ආදියෙහි යම් සුබදායි වෙනස්කම් සිදුවිය හැකියි. නමුත් සිතෙහි අවිවේකී බව බොහෝ වැඩි කෙරෙයි. මවට හෝ මව් පස ඥාතීන්ට ද තරමක් අපලදායකයි. මෙම කාලය තුළදී රැකියා ස්ථාන මාරුවීම් වැනි දෑ වුවද සිදුවිය හැකියි.

වෘෂභ ලග්නය


අෂ්ඨම ඒරාෂ්ටකය පසුගිය කාලය තුළ මුහුණදීමට සිදුවූ පීඩාකාරී වාතාවරණය අඩුවී යයි. ප්‍රමාදවු රැකියා උසස්වීම් ආදිය ද මේ වසර තුළ ලැබේ. සෞඛ්‍ය තත්වය ද යහපත්ය. පියාට තරමක් අපලදායකයි. වන්දනා හා විදෙස් ගමන් යෙදේ.

මිථුන ලග්නය


ජීවිතයේ බොහෝ කටයුතුවල ප්‍රමාදයන් පෙන්වාවි. රැකියාව සම්බන්ධ වෙනස්කම් කිරීමට නුසුදුසු කාලයකි.  වරින් වර යම් අසනීප තත්වයන් මතුකළ හැකියි. වැය පස ඉහළ නගී අනවශ්‍ය වියදම් අවම කිරිමටද සැලකිලිමත් වන්න නැතිනම් ආර්ථිකය සම්බන්ධව දුෂ්කරතා ද වැඩිවිය හැකියි. විවාහකයින් අතර ගැටුම් වැඩිවිය හැකියි. ඉවසීමෙන් කටයුතු කරන්න.

කටක ලග්නය


ඔබෙ ලග්නයෙන් 7 වැන්නට සෙනසුරු පැමිණීම විවාහය සම්බන්ධ තීරණාත්මකයි. කල් පසුවෙමින් තිබූ දීර්ඝකාලීන සබඳතා විවාහය කරා ගෙන යාමටත්  පීඩාකාරීව පවත්වාගෙන ගිය නොගැලපෙන සම්බන්ධතා හෝ විවාහය ඉදිරි අවුරුදු දෙකහමාර තුළ බිඳවැටීමටත් හේතුවිය හැකියි. විදෙස් ගමන් ද යෙදිය හැක.


සිංහ ලග්නය


  ඔබේ 6 වැන්නට ශනිගේ පැමිණීම සුබදායකයි. සෞඛ්‍ය තත්වය තරමක් අයහපත්විය හැකි බැවින් සැලකිලිමත් වන්න. රැකියාව සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රමාදයන් පෙන්නුම් කළ ඉලක්කයන් දැඩි උත්සාහය තුළින් ජය ගැනීමට හැකි වේ. ආදරවන්තයින් අතර මෙතෙක් පැවති ගැටලු බොහෝමයක් ද විසඳා ගැනීමට අවස්ථා ද උදාවිය හැකියි. වාහන පදවන අය රිය අනතුරු වලින් පරිස්සම් වීමට වගබලා ගන්න.

කන්‍යා ලග්නය


අද්‍යයන කටයුතුවල නියැලෙන දූදරුවන්ට සුබදායකයි. ආදරය හා විවාහය සම්බන්ධ කරුණු කාරණාවලදි ප්‍රමාදවිම් වැඩි වශයෙන් ඇතිකරන කාලසීමාකි.  කෙසේ වෙතත් නව ව්‍යාපාර වැනි දෑ ඇරඹීමේදී දෙවරක් සිතා බැලිය යුතු වේ. ක්ෂණික තීරණ ගැනීමට නුසුදුසු කාලසීමාවක් නිසායි. නිවේසට සුඛෝපභොගි භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථා උදා වේ.

තුලා ලග්නය


සෙනසුරු ඔබේ 4 වැන්නට ගමන් කිරීම සුබයි. ආර්ථිකයෙහි ද මෙතෙක් පැවති අවහිරතා අඩුවී යයි. සැප්තැම්බර් මාසයෙන් පසු විදෙස් ගමන් බිමන් වුවද යෙද්ය හැකියි. නමුත් අවදානම් සහිත ගනුදෙනු හෝ ව්‍යාපාර ඇරඹීමට එතරම් සුදුසු නොවේ. නිවාස හෝ වාහන මිලට ගැනිමට සුබයි.

වෘශ්චික ලග්නය


සෙනසුරු ඔබේ කේන්දරයේ 3 වැන්නට පැමිණීමත් සමඟින්ම පසුගිය අවුරුදු හතහමාරක් තුළ ඔබට පීඩා ගෙන දුන් ශනි ඒරාෂ්ටකය නිමාව යයි. සිතට යම් සහනයක් ගෙන දෙන දෑ සිදුවේ. පසුගිය කාලය තුළ ඔබගේ මහන්සියන්හි ප්‍රතිපල ලැබේ. ආර්ථිකයෙහි ද යම් සුබදායි වෙනස්කම් ඇතිවිය හැකි අතර ප්‍රමාදයන් පැවති තරඟ විභාග නඩුහබ වලින් ජය ලැබෙනු ඇත. කෙටි ගමන් බිමන් වැඩි වේ. විදෙස් ගමන් ද සාර්ථක වේ.

ධනු ලග්නය


සෙනසුරු මෙතැන් සිට ඉදිරි වසර දෙකහමාර දක්වා කාලය තුළ ඔබේ කෙන්දරයේ 2 වැන්නෙහි ගමන් කරන කාලය ඔබ දැනට ගෙවන ඒරාෂ්ටකයෙහි අවසන් භාගයයි. එබැවින් එම කාලය තුළ ද ඔබේ ආර්ථිකය නංවා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ. ප්‍රමාදයන් වැඩිය. නමුත් එම කාලය තුළ ඔබ ආත්ම විශ්වාසය වැඩිකරගත යුතුම කාලයක් බව ද අවධාරණය කරමි. ඒ අනුව බාධක මධ්‍යයේ වුවද ඔබ වෙත ලැබෙන අවස්ථාවලින් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගන්න. ඒ බොහෝවිට කෙනෙකුගේ ජීවිතයෙහි අප්‍රතිහත ධෛර්යයන්ගේ ප්‍රතිපලය නැතිනම් හැරවුම් ලක්ෂ්‍යයන් ඒරාෂ්ටකයක අවසන් භාගයේදී ලැබෙනා බැවිනි. මේ කාලයේදී විවාහකයින් අතර ගැටුම් වැඩිවිය හැකි බැවින් ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න. වැටීම තැලිම් වලින් පරිස්සම් වන්න.

මකර ලග්නය


සෙනසුරු ඔබේ ලග්නයට පැමිණේ. ඒ අනුව ආදරය හෝ විවාහය රැකියාව යන ජීවිතයේ බොහෝ පැතිකඩවල අභියෝගයනට මුහුණදීමට සිදුවන කාලයකි. විවාහ ප්‍රමාදයන් ද ඇති විය හැකියි. රිය අනතුරු වලින් පරිස්සම් විය යුතුයි. දෛනික ජීවිතයේ ද වෙනදාට වැඩි අවිවේකී කල සීමාවක් ගෙවීමට සිදුවිය හැකියි.


කුම්භ ලග්නය


ඔබේ ලග්නයෙන් 12 වැන්නට සෙනසුරු පැමිණීම තරමක් පීඩාකාරී වන අතර බාධක අත්දැකීම් අමඟින් ජීවිතයේ යථාර්ථයන් හා කටුකබව අවබෝධකරගැනීමට ලැබෙනා කාල සීමාවකි. ආගමානුකූලව හා දැඩි උත්සාහයෙන් වැඩකිරීමෙන් එම බාධක අවම කරගැනීමට පිටුවහලක් ලැබෙනු ඇත.

මීන ලග්නය


ඔබට මෙම ශනි මාරුව සුබ පල රැසක් ගෙන දෙයි. විදෙස් ගමන් හා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමට ලැබේ. වෙනදාට වඩා ජීවන රටාව වෙනස් වීමට ද බොහෝදුරට ඉඩකඩ ඇත. නමුත් ආදරවන්තයින් අතර ගැටලු වැඩි කෙරෙන කාලයකි.

සැළකිය යුතුයි...

ඉහත දැක්වූයේ ඔබේ උපන් ලග්නයට අනුව ශනි මාරුව ඔබට බලපාන අයුරු ගැන පොදු පලාපල විස්තරයකි. එහි බලපෑම ඔබේ උපන් කෙන්දරවල ශනි සිටින රාශීන් හා ගෙවනා දශාවන්ට  අනුව  ප්‍රතිපල අඩු වැඩි වීමේ යම් වෙනස්කම් ඇතිවිය හැකියි. ඒ ආකාරයට ඔබේ ජන්මපත්‍රය ගැඹුරින් පරික්ෂා කිරීමෙන් එහි ප්‍රතිපලය වඩා නිවැරදිව ලබාගත හැකියි.
ඒ සඳහා ඔබට ජ්‍යෝතිෂ සේවා සහාය ලබාගැනීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවියේ ඇති දුරකතන අංකය හරහා අපව සම්බන්ධ කරවාගත හැකියි. (ප්‍රතිපල සටහන  Email හරහා නිවසම ලබාගැනීමේ පහසුකම ද ඇත.)