Wednesday, January 24, 2024

2024 අවුරුද්දේ සියලු සුබ නැකැත්

 



2024 අවුරුද්දේ සියලු සුබ නැකැත්

සැ. යු.

ඒ ඒ කටයුතු සඳහා සුබ වූ නැකැත් පොදුවේ පහත පරිදි දැක්වේ, මෙම නැකැත්වලින් තම පුද්ගලික කේන්දරයට හරියටම ගැලපෙන නැකැත තෝරාගත යුත්තේ එය ද සසඳ බලායි.



1. වෙළඳාමට  - 


* ජනවාරි 01සඳුදා උදේ 11.21 නැගෙනහිර බලා

* මාර්තු 1 සිකුරාදා උදේ 10.25ට දකුණ බලා

* ජුනි 07 සිකුරාදා උදේ 6.06ට දකුණ බලා

* ජූලි 12 සිකුරාදා උදේ 6.12ට දකුණ බලා

* සැප්තැම්බර් 30 සඳුදා උදේ 11.38ට නැගෙනහිර බලා

* දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා උදේ 9.15ට උතුර බලා


සියලු වගා සහ ගොවිතැන් වැඩ සඳහා :-


* ජනවාරි 15 සඳුදා උදේ 7.04ට උතුර බලා

* මාර්තු 7 බ්‍රහස්පතින්දා උදේ 9.22ට නැගෙනහිර බලා

* අප්‍රේල් 05 සිකුරාදා උදේ 8.35ට උතුර බලා

* ජූලි 08 සඳුදා උදේ 6.27ට උතුර බලා

* නොවැම්බර් 04 සඳුදා උදේ 6.25ට උතුර බලා

* දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා උදේ 9.15ට උතුර බලා



විවාහයට :- 

* පෙබරවාරි 7 බදාදා උදේ 9.28ට උතුර බලා

* මාර්තු 06 බදාදා උදේ 9.23ට උතුර බලා

* අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා උදේ 10.08ට නැගෙනහිර බලා

* සැප්තැම්බර් 30 සඳුදා උදේ 11.38ට නැගෙනහිර බලා

* ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා උදේ 11.25 නැගෙනහිර බලා

* නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා උදේ 11.21ට නැගෙනහිර බලා.


ගෙවල් සෑදීමට :- 

* ජනවාරි 03 බදාදා උදේ 7.47ට දකුණ බලා

* පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා උදේ 10.10ට උතුර බලා

* මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 9.22ට නැගෙනහිර බලා

* ජුනි 07 සිකුරාදා උදේ 6.06ට දකුණ බලා

* සැප්තැම්බර් 18 බදාදා උදේ 7.32ට උතුර බලා

* දෙසැම්බර් 02 සඳුදා උදේ 11,02ට නැගෙනහිර බලා.


ගෙවැදීමට :-

 * ජනවාරි 01 සඳුදා උදේ11.21ට නැගෙනහිර බලා

* මාර්තු 01 සිකුරාදා උදේ උදේ 10. 25ට දකුණ බලා

* මැයි 06 සඳුදා උදේ 11.08ට උතුර බලා 

* ජුනි 07 සිකුරාදා උදේ 6.06ට දකුණ බලා

* සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා උදේ 6.06ට නැගෙනහිර බලා

* නොවැම්බර් 04 සඳුදා උදේ 6.25ට උතුර බලා

* දෙසැම්බර් 13 සිකුරාදා උදේ  10.10ට නැගෙනහිර බලා.


බත් කැවීමට :-


* පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා උදේ 10.10ට උතුර බලා

* මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 9.02ට නැගෙනහිර බලා

* අප්‍රේල් 05 සිකුරාදා උදේ 8.35ට උතුර බලා

* මැයි 23 බ්‍රහස්පතින්දා උදේ 11.30ට උතුර බලා

* ජූලි 17 බදාදා උදේ 7.57ට උතුර බලා.

* නොවැම්බර් 06 බදාදා උදේ 7.52ට උතුර බලා

* දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා උදේ 9.15ට උතුර බලා


අකුරු කියවීමට :-

* ජනවාරි 01 සඳුදා උදේ 11.21ට නැගෙනහිර බලා

* පෙබරවාරි 07 බදාදා උදේ 9.28ට උතුර බලා

* මාර්තු 06 බදාදා උදේ 9.23ට උතුර බලා

* ජුනි 19 බදාදා උදේ 7.25ට උතුර බලා

* අගෝස්තු 28 බදාදා උදේ 9.10ට දකුණ බලා

* සැප්තැම්බර් 30 සඳුදා උදේ 11.38ට නැගෙනහිර බලා 

* දෙසැම්බර් 13 සිකුරාදා උදේ 10.10ට නැගෙනහිර බලා


කෝණ මාස :-

කෝණ මාස තුළ විවාහ මංගල/ නිවාස සම්බන්ධ කටයුතු ආදී දෑ සිදු නොකළ යුතු බවට පිළිගැනේ.


* 2024 මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වා

* 2024 ජුනි 15 සිට ජූලී 16 දක්වා

* 2024 සැප්තැම්බර් 16 සිට  ඔක්තෝබර් 17 දක්වා

* 2024 දෙසැම්බර් 15 සිට 2025 ජනවාරි14 දක්වා


Sunday, January 2, 2022

විශ්මිත ලෙසින් සැබෑවූ අපේ ජ්‍යොතිෂ අනාවැකිය | 2022 ලග්න පලාපල | 2022 ශනි මාරුව

 


2020 හා 2021 ගැන අපේ Astromansala  Blog එක හරහා ගෙන ආ අනාවැකි මේ වනවිට විශ්මිත ලෙසට හැබෑවෙලා අවසන්

 

විශේෂයෙන්ම එදා අපි කියූ වසංගතයේ අනාවැකියත්,

දුර්භික්ෂයකට සමාන තත්වයත් ඔන්න මේ වනවිට බලපාල අවසන්.

2020- 01-23 පළ කරන ලද මුල් ලිපියේ සාක්ෂි සටහන් ආවර්ජනය

Original Blog Post  ----->

http://astromansala.blogspot.com/2020/01/2020-24.html


Youtube වීඩියෝව  මෙතනින් Lankamixbox  වීඩියෝව නරඹන්න -à

https://www.youtube.com/watch?v=Zm7_5NgdCUw

 ඒ වගේම 2020 හා නැවත 2021 ජූලි මාසයේදි අපි කිව්වා වසංගත තත්වය ලංකාවෙන් තුරන් වෙන්නේ 2022 අග කියලා. ඒ ශ්‍රී ලංකාවෙ ප්‍රථම වතාවට.

 ඒත් එක්කම ඒ අනාවැකියත් හැබෑ වෙන ලකුණු පහළ වෙලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021-12-31 කියලා තියෙනව බොහෙදුරට කොරෝනාව 2022 දි ලෝකයෙන් තුරන් වෙයි කියලා විද්‍යාත්මක අනාවැකියක්.

 * ඒ අනාවැකි ගැන සාක්ෂි සටහන් අපේ මේ Astromansala  බ්ලොග් අඩවියේත් Lankamixbox Youtube Channel එකෙත් අනන්තවත්   සාක්ෂි සටහන් වෙලා ඇති දින වකවානු එක්කම.

එහෙනම් අපි බලමු 2022 නව වසර ඔබට හා රටට බලපාන්නේ කොහොමද? කියලා

 ඒත් එක්කම පහත Link එකේ වීඩ්යෝව හරහා ඒ ගැන විස්තරයක් හා 2022  අවුරුද්දේ  මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ හා මීන යන ලග්න වල අලුත් අවුරුදු පලාපල විස්තරයත් සඳන් වෙලා ඇති.

පුද්ගලිකව කේන්දර පරීක්ෂාකරවා ගැනීමට අවශ්‍ය අය 071 3400 528  අංකය හරහා අපව සම්බන්ධ කරගත හැකියි.

 

2022 අලුත් අවුරුද්ද ගැන   ලග්න පලාපල විස්තරය හා 2022 අප්‍රේල් මස 29 සිදුවන සෙනසුරු මාරුව ගැන සම්පූර්ණවීඩියෝව මෙතනින් නරඹන්න

https://youtu.be/WF_3jmYhHLc

 

Sunday, August 8, 2021

ඔබේ උපන් දිනයට හිමි දෛව අංකය අනුව ජය වර්ණය තොරා ගන්නා ආකාරය.


 



Watch Original Video on Youtube

    ඕනෑම අයෙකුට උපන් දිනය සමඟ හිමි  දෛව අංකයක් ඇත. ඒ අනුව ඔබ එදිනෙදා ඔබට ජයග්‍රාහී දින , වර්ණයන් හඳුනාගත හැකියි.

දෛව අංකය සොයන ආකාරය හඳුනා ගනිමු.

යම් පුද්ගලයෙකුගේ උපන් දිනය 1981 මාර්තු 26 යැයි සිතමු

1+9+8+1+3+2+6 = 30
3+0 = 3

ඔහුගේ දෛව අංකය 3 වේ.

මෙහිදී සැලකිය යුතු තවත් වැදගත් කාරණාවක් ඇත. ඔබ ඉපදි ඇත්තේ රාත්‍රී 12ට පසු නම් එය ඊ ළඟ දිනයට ගැනෙනු ඇත.

උදා :-

1944 + 06 +29 රාත්‍රී 12:30ට ඉපදූ අයෙකුගේ දෛව අංකය ලබාගැනීමේදී දිනය 30 වැනිදා ලෙසට ගණන් බැලිය යුතුයි.

ඔබේ දෛව අංකයට අනුව ජය වර්ණය හා වාසනාවන්ත දිනය සොයා බලමු.


දෛව අංකය      1

සුබ දිනයන්                  - ඉරිදා හා බදාදා.

ජය වර්ණය                   - රන්වන් පාට, කහ හා දුඹුරු


 දෛව අංකය     2
 සුබ දිනයන්                - සඳුදා හා සිකුරාදා
ජය වර්ණය                 - සුදු , කහ


දෛව අංකය     3
සුබ දිනයන්                     -සිකුරාදා හා අඟහරුවාදා
ජය වර්ණය                     - දම්, අලු

දෛව අංකය     4
සුබ දිනයන්                     -  ඉරිදා, බ්‍රහස්පතින්දා
ජය වර්ණය                     -   නිල්

දෛව අංකය     5
 සුබ දිනයන්                   - බදාදා, සිකුරාදා
ජය වර්ණය                     -  සුදු


දෛව අංකය      6
සුබ දිනයන්                    -  අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ජය වර්ණය                    - නිල්, රෝස

දෛව අංකය      7
සුබ දිනයන්                     - ඉරිදා, සඳුදා
ජය වර්ණය                     - සුදු, කහ, කොළ

දෛව අංකය      8
සුබ දිනයන්                     - ඉරිදා, සෙනසුරාදා
ජය වර්ණය                     - අළු , දුඹුරු, නිල් , දම්

දෛව අංකය      9
සුබ දිනයන්                    -  ඉරිදා, අගහරුවාදා.
ජය වර්ණය                    -   දම් , රෝස



( මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය අප ආයතනය සතු වන අතර එය කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම තහනම්ය. )



Astromansala.blogspot.com




Friday, January 1, 2021


 

2021 ලග්න ඔබේ ලග්නයට කොහොමද? අපේ රටට කොහොමද? 

සම්පූර්ණ විස්තරය මෙතනින්  බලන්න.

https://youtu.be/clDkgIx3mhc


මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ 

උදයංගි සිරිවර්ධන ගෙනෙන ජ්‍යෝතිෂ වීඩියෝ

#Udayangi Siriwardena




Thursday, November 26, 2020



 




 

2020 ලග්න පලාපල හා ලංකාව ගැන අපේ රටේම ජ්‍යොතිෂවේදින් පැවසූ අනාවැකි රැසක්ම වැරදීගොස් තිබියදී නිවැරදි අනාවැකි ලෙසට පැහැදිලි සාක්ෂි සටහනක් සහිතව හඳුනාගත හැකි සැබෑ වූ අනාවැකි පැවසූ පුද්ගලයින් අතරින් වැඩි මේ වනවිට වැඩි කතාබහකට ලක්වූ චරිතයක් තමයි උදයංගි සිරිවර්ධන (Udayangi Siriwardhana)

2020 ජනවාරින් 23 උදයංගි විසින් මෙහි අපේම බ්ලොග් අඩවියෙහි පලකළ "සෙනසුරු මාරුව ලග්න පලාපල විස්තරය"ලිපියට අනුව 2020 -2022 අතර ලංකාවට අසුබ කාලයක් බවත් වසංගත හා දුර්භික්ෂයකට සමාන තත්වයක් ගැනත් විශ්මිත අනාවැකි පවසා තිබුණා ඔබට මතක ඇති.

මේ ඒ පිළිබඳව කරන ලද තවත් පසුවිපරමකි.

 මෙතනින් බලන්න    --->  https://www.youtube.com/watch?v=Zm7_5NgdCUw

 

E - Astrology Services Sri Lanka

+94713400528  (Call/ Viber)


 ( උපුටා ගැනීම තහනම් )

 

Tuesday, October 20, 2020

උපන් ලග්නයට අනුව විවාහයට සුදුසුම ලග්න හිමියන් බලමු.

 




උපන් ලග්නයට අනුව විවාහයට සුදුසුම ලග්න හිමියන් බලමු.

1. මේෂ

මිථුන / සිංහ / ධනු /කුම්භ

2. වෘෂභ

කටක / කන්‍යා / මකර /මීන

3. මිථුන

සිංහ / තුලා / කුම්භ /මේෂ

4. කටක

කන්‍යා / වෘශ්චික  / මීන / වෘෂභ

5. සිංහ

තුලා /ධනු / මේෂ / මිථුන

6. කන්‍යා

වෘශ්චික / මකර / වෘෂභ / කටක

7. තුලා

ධනු / කුම්භ / මිථුන / සිංහ

8. වෘශ්චික

මකර / මීන / කටක / කන්‍යා

9. ධනු

කුම්භ / මේෂ / සිංහ / තුලා

10. මකර

මීන / වෘෂභ / කන්‍යා / වෘශ්චික

11. කුම්භ

මේෂ / මිථුන / තුලා / ධනු

12.  මීන

වෘෂභ / කටක / වෘශ්චික / මකර

 

 

Sunday, March 29, 2020

ජ්‍යෝතිෂයේ කුජ දෝෂය පිටුපස ඇති ඇත්තම කතාව දැනගමු. කුජ දෝෂය ඇතිවන හා නැතිවන හැටි




    


 කුජ දෝෂය නැතිනම් "මංගල දෝෂය" ගැන  බොහෝදෙනෙක් දක්වන්නේ බියක්. ඒ පිළිබඳව සෘණාත්මක ආකල්ප තමයි ඔවුන්ගේ සිත් තුල ඇතිවන්නේ. ජ්‍යෝතීෂයෙදී විවාහ මංගල කටයුතු හා සම්බන්ධ කටයුතුවලදී මේ කුජ ග්‍රහයා හා එහි දෝෂය ගැන විශේෂයෙන් සැළකිලිමත් වනවා. ඒ වගේමයි  අතීතයේදී මෙරට සිටි රජවරු  සටන් ආදී යුධමය කටයුතුවලදීත් මේ කුජ ග්‍රහයාගේ පිහිටීම්  හා කුජ හෝරාවන් ගැන වැඩි සැළකිල්ලක් දැක්වූ බවත් පැරණි  පොත්පත්වල සඳහන්වී තිබෙනවා. හමුදාපතින් හා ආරක්ෂක අංශ වල ප්‍රධාන නිලධාරින් වැඩි දෙනෙකුගේ කේන්දර වල මේ කුජ ග්‍රහයා බලවත්ව සිටින බව ද දැකගත හැකියි.

කුජ ග්‍රහයා විසින් විවාහයට අදාළ ලිංගික ශක්තිය, රුධිරය, ස්ත්‍රින්ගේ ඔසප් චක්‍ර, අවි ආයුධ අනතුරු, එඩිතර ගති පැවතුම්, කෝපය, පාලනය , නායකත්වයන්  ආදිය නියෝජනය කරයි. ග්‍රහ ලොව යුධ සෙන්පතියා ලෙසට සළකන්නේ කුජ ග්‍රහයායි.

 කුජ දෝෂය
කුජ දෝෂය, මංගල දෝෂය නැතිනම් භෞම දෝෂය කුමක්ද?

ඔබ උපන් කේන්දරයේ ලග්නයෙන් නැතිනම්, සඳුගෙන් හෝ සිකුරුගෙන් 1, 2, 4. 7, 8, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා දුර්වලව වෙනත් පාප ග්‍රහයින් හා සංයෝග වී හෝ පාප ග්‍රහයින්ගේ දෘෂ්ටීන්වලට ලක්වී ඇති විට මේ කුජ දෝෂය නිර්මාණය වෙයි.

එමෙන්ම කේන්දරයක 7 අධිපති ග්‍රහයා සමඟින් දුර්වල කුජ සංයෝග වූ විටත් යම් අවස්ථාවලදී කුජ ග්‍රහයාගේ පාපී බාපෑම් එල්ලවිය හැකි බව ද කිව යුතුයි.

කුජ දෝෂයේ අයහපත් ප්‍රතිවිපාක

  සමාන්‍යයෙන් අයහපත් නැතිනම් පාප පීඩිතව  විවාහයට බලපාන ඉහත ස්ථානයක සිටිනා කුජ නිසා විවාහ දිවියේ අඩදබර ඇති වීම්, අසනිප තත්වයන් වැඩි වීම, ලිංගික ජීවිතයේ ගැටලු මතුවීම, අනෙකාට යටත් නොවනා තද ගති පැවතුම් ඇතිවීමට හේතු වෙයි.  ඇතැම් අවස්ථාවල මෙම කුජ දෝෂය හේතුවෙන් තම සහකරු හෝ සහකාරිය ලෙඩ විම් , හදිසි අනතුරු වලට ලක්වීම් හෝ මරණය වැනි දරුණු ගැටලු පවා ඇති විය හැකි බවත් කියැවෙනවා. අතීතයේ සිටම පොරොන්දම් ගැලපීමේදී මෙම කුජ දෝෂය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්නේත් ඒ නිසාමයි. ඉහත කී අයහපත් ප්‍රතිපල ප්‍රායෝගිකව අත් විඳි බොහෝ පිරිස් අතීතයේ මෙන්ම වර්තමානයේද සමාජයේ සිටිනවා. ඒ නිසාමයි අදටත් ඔබ පුවත්පත්වල ඇති මංගල යෝජනා බහුතරයකම කුජ දෝෂ්ය හා 7,8 පාපින් ගැන වැඩිහිටි පාර්ශවය වැඩි අවධානයක් යොමු කරන්නේ. 


     ජන්ම පත්‍රයක කුජ දෝෂ්ය යෙදී ඇතිවිට  විවාහය ප්‍රමාද වීම සාමාන්‍යයි.  එසේම ඔවුන්ට අඩු වයසකදී විවාහ වෙනවාට වඩා ප්‍රමාද වී හෝ පොරොන්දම් ගලපා විවාහ විම යහපත්ය.  අවුරුදු 28න් පසු කුජ දෝෂය බල නොපාන බවටද සමහර මත ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවද පොදුවේ කුජ 1, 4, 7, 8 වැනි ස්ථානවල කුජ පාප පීඩිත වැඩි දෙනෙකුගේ ඉක්මන් කෝප වන ගති වැඩි ය. නමුත් වයසින් පරිණතවත්ම සමාජයෙන් ඔවුන් ලබනා කටුක අත්දැකීම් හමුවේ එම ගති පැවතුම් යම් තරමකින් හෝ අඩු විය හැකිවිමත්, විවාහ ප්‍රමාදයත් සමඟින් හා සමාජයීය සංසන්දනයන් හෝ මානසික පීඩා නිසා එකී පාප නැතිනම් පාපි කුජට හේතු වනවායැයි කියන  පෙර ආත්මයෙ කරන ලද කර්මයන් යම් තරමකින් හෝ ගෙවී යනවායැයි යන  තාර්කික මතය හා එකඟ විය හැකි බව ඇතැම් ජ්‍යෝතිෂවේදීන්ගේ මතයකි.

  පාපී කුජ සමඟින් ගුරු එකතුවීම අයහපත් තත්ව යම් තරමකින් අඩු කෙරෙනවා මෙන්ම කුජ මෙන්ම ලිංගික ශක්තිය පෙන්නුම් කරනා සිකුරු ග්‍රහයා සමඟින් එකතු වූ විට අධි කාම යෝග පවා නිර්මාණය වෙයි. දුර්වල කුජ සමඟින් කේතු එකතුවූ විට ද ලිංගික ශක්තිය අඩු කෙරෙන බව හා  එයට හේතුවන රෝග දුර්වලතා ඇති විය හැකි බව කියැවේ. පාපි  කුජ හා දුර්වල වූ චන්ද්‍රයා විසින් ද මත්පැනට ඇබ්බැහි වූ   බේබද්දන් බිහි කෙරෙන අවස්ථා ද ඇත. කෙසේ නමුත් මෙවැ නි යෝග සමඟින්ම සමස්ථ කේන්දරයම හා ග්‍රහ දෘෂ්ටි ආදී කරුණු සියල්ලම ගැඹුරින්  පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් එම ප්‍රතිපල  ගැන  නිවැරදිව කිව හැකි බව ද අමතක කළ  යුතුයි. නෙසේනම් එවැනි යෝගයක් යෙදුනු පමණින්ම ක්ෂණිකව එම මතය තහවුරු කරගැනීම වැරදි පිලිවෙතකි.

කුජ දෝෂය භංග වන ආකාරයන්

 යමෙකුගේ කේන්දරයෙහි කුජ ග්‍රහයා සිටිනුයේ මකර රාශියේ නම් උච්චයි. මේෂ හා වෘෂ්චික රාශිවල කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර වෙයි. එවැනි අවස්ථා වලදී මංගල දෝෂය ඇති නොවේ. ඔවුන්ගේ කුජ බලවත් නිසා පාප කේන්දර නොගැලපෙයි.  මෙවැනි විටකදී කුජ 1, 2, 4, 7, 8, 12 ස්ථානයක යෙදුන ද පාපි නොවේ.
  එමෙන්ම කුජ දෝෂය යෙදී ඒ සමඟින්ම වෙනත් ගුරු ග්‍රහයා වැනි සුබ ග්‍රහයෙකු සංයෝගවී ඇතිනම් හෝ එවැනි සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටිවලට නතුවේ නම්  එමඟින් ද දෝෂ යෙහි බලපෑම් අඩු වෙයි.
විසෙන් විසක් නැසිය හැකි සේ මෙලෙසට කුජ දෝෂය යෙදී ඇති කේන්දර වලට විවාහයේදී ගැලපිය යුතුවන්නේ ඉහත පෙන්වූ ආකාරයකට කුජ දෝෂය යෙදුණ කේන්දරයක්මයි..  
මේ කරුණු කාරණා සියල්ල දෙසම විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ නම් කුජ  ග්‍රහයා `පෙර කී ස්ථාන වල හෝ 7 වැන්නේ සිටි පමණින්ම සෑම විටකම කුජ දෝෂය නිර්මාණය නොවනා බවයි. එනිසා ආවාට ගියාට කේන්දර ගලපන්න යන්න එපා. මෙවැනි දෝෂයන් පරික්ෂාවෙදී දක්ෂ අත්දැකිම් ඇති ජ්‍යොතිෂවේදියෙකුගේම සහය ලබාගැනීම වැදගත්ය.



ASTROMANSALA E Astrology Service Sri Lanka.

(මෙම ලිපියෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය අප සතුයි. එය කුමන ආකාරයකින් හෝ අවසර නොමැතිව උපුටා ගැනීම වීඩියෝගත කිරිම වරදකි. )