Sunday, August 8, 2021

ඔබේ උපන් දිනයට හිමි දෛව අංකය අනුව ජය වර්ණය තොරා ගන්නා ආකාරය.


 



Watch Original Video on Youtube

    ඕනෑම අයෙකුට උපන් දිනය සමඟ හිමි  දෛව අංකයක් ඇත. ඒ අනුව ඔබ එදිනෙදා ඔබට ජයග්‍රාහී දින , වර්ණයන් හඳුනාගත හැකියි.

දෛව අංකය සොයන ආකාරය හඳුනා ගනිමු.

යම් පුද්ගලයෙකුගේ උපන් දිනය 1981 මාර්තු 26 යැයි සිතමු

1+9+8+1+3+2+6 = 30
3+0 = 3

ඔහුගේ දෛව අංකය 3 වේ.

මෙහිදී සැලකිය යුතු තවත් වැදගත් කාරණාවක් ඇත. ඔබ ඉපදි ඇත්තේ රාත්‍රී 12ට පසු නම් එය ඊ ළඟ දිනයට ගැනෙනු ඇත.

උදා :-

1944 + 06 +29 රාත්‍රී 12:30ට ඉපදූ අයෙකුගේ දෛව අංකය ලබාගැනීමේදී දිනය 30 වැනිදා ලෙසට ගණන් බැලිය යුතුයි.

ඔබේ දෛව අංකයට අනුව ජය වර්ණය හා වාසනාවන්ත දිනය සොයා බලමු.


දෛව අංකය      1

සුබ දිනයන්                  - ඉරිදා හා බදාදා.

ජය වර්ණය                   - රන්වන් පාට, කහ හා දුඹුරු


 දෛව අංකය     2
 සුබ දිනයන්                - සඳුදා හා සිකුරාදා
ජය වර්ණය                 - සුදු , කහ


දෛව අංකය     3
සුබ දිනයන්                     -සිකුරාදා හා අඟහරුවාදා
ජය වර්ණය                     - දම්, අලු

දෛව අංකය     4
සුබ දිනයන්                     -  ඉරිදා, බ්‍රහස්පතින්දා
ජය වර්ණය                     -   නිල්

දෛව අංකය     5
 සුබ දිනයන්                   - බදාදා, සිකුරාදා
ජය වර්ණය                     -  සුදු


දෛව අංකය      6
සුබ දිනයන්                    -  අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ජය වර්ණය                    - නිල්, රෝස

දෛව අංකය      7
සුබ දිනයන්                     - ඉරිදා, සඳුදා
ජය වර්ණය                     - සුදු, කහ, කොළ

දෛව අංකය      8
සුබ දිනයන්                     - ඉරිදා, සෙනසුරාදා
ජය වර්ණය                     - අළු , දුඹුරු, නිල් , දම්

දෛව අංකය      9
සුබ දිනයන්                    -  ඉරිදා, අගහරුවාදා.
ජය වර්ණය                    -   දම් , රෝස



( මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය අප ආයතනය සතු වන අතර එය කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම තහනම්ය. )



Astromansala.blogspot.com