Monday, December 31, 2018

2019 අවුරුද්දේ ලග්න පලාපල විස්තරය

2019 වසර ඔබට කොහොමද? නව වසරේ ඔබේ ලග්න පලාපල බලාගමු.  2019 අවුරුද්ද ඔබ සැමට ජය සතුට හා සාමය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!



මේෂ ලග්නය
2019 අවුරුද්ද මේෂ ලග්න හිමියන් හට මිශ්‍රපලයි. බොහෝවිට විදේශ ගමන් හෝ දුර ගමන් යෙදීම් හෝ ස්ථාන මාරුවුවද යෙදිය හැකියි.  විවාහ අපේක්ෂක පෙම්වතුන් විවාහය කරා යා හැකි සම්භාවිතාව වැඩිය. වසර මැද දක්වා ආර්ථිකයට එතරම්ම සුබ නොවේ. අනවශ්‍ය වියදම් අඩුකරගන්න. කාර්යබහුලත්වය නිසා රැකියාවේද යම් ගැටලු පීඩා වාතාවරණ වැඩිවියහැකි වසරකි.

වෘෂභ ලග්නය
ජීවිතයේ වෙනසක් ඇතිවිය හැකි වසරකි. විවාහකයින්ගේ ගැටුම් වැඩි කෙරෙන කාලයක් නිසා ඉවසීමෙන් කටයුතුකළ යුතුය. රිය අනතුරු වලින් හා ලෙඩ රෝග වලින් ප්‍රවේශම්වන්න. ව්‍යාපාර හෝ හවුල් වේළදාම් තීරණ ගැනීමට නුසුදුසු වසරකි.

මිථුන ලග්නය
මෙතෙක් බාධක මැද කරගෙන ගිය ශක්තිමත් ආදරසම්බන්ධතා විවාහයට පදනම් දමාගගත හැකි වසරක් වුවත් ඔබ නුසුදුසු හෝ වැරදි සම්බන්ධතාවයක සිටියේ නම් එයටද තිත වැටිය හැකියි. එනිසා ආදරය හෝ විවාහය සම්බන්ධයෙන් පීඩාකාරී වුවත් බොහෝදෙනෙකුට තීරණාත්මක වසරකි. මාර්තු මාසයෙන් පසු අධ්‍යාපන කටයුතු වලට බාධක වැඩි බැවින් ශිෂ්‍යයින් දැඩි උනන්දුවකින් කටයුතු කළ යුතුයි. විදේශ ගමන් යෙදිය හැකියි. රැකියාව සම්බන්ධයෙන් අවිවේකීභාවය වැඩිවුවත් පෙරට වඩා යම් සුබදායි තත්වයක් නිර්මාණය විය හැකියි. නිතර ඇවිද්දවයි.

කටක ලග්නය
මාර්තු මාසයෙන් පසු අධ්‍යාපනයට පෙරට වඩා සුබය. උනන්දුවෙන් කටයුතු කරනු ඇත. ආදර සම්බන්ධතා වලට මෙතෙක් පැවති බාධක අඩුවිය වේ. කෙසේ වෙතත් සෞඛ්‍යය ගැන වැඩි සැළකිල්ලක් දැක්විය යුතුයි. රැකියාවට තීරණාත්මක වසරක් ද විය හැකියි. සතුරන් මර්දනය කළ හැකි වසරකි. ව්‍යාපාර කටයුතු ආදියටද සුබයි.

සිංහ ලග්නය

ඔබට 2019 වසර බොහෝදුරට සුබ වසරකි. අධ්‍යාපනය හා ආදර ජීවිතයේ පීඩාකාරීබව වැඩිවද ඔබේ උත්සාහයේ තරමට අවසානයේදී ප්‍රතිපල ලැබිය හැකි වසරකි. ආර්ථිකයට සුබයි. මෙතෙක් පැවති බාධක බොහෝමයක් ඉවත්ව යා හැකියි. පවුලේ හිතවතුන් අතරද සාමකාමීබව වැඩි කිරිමට හේතුද යෙදිය හැකියි.

කන්‍යා ලග්නය
රැකියාවෙහි හා ගෘහ ජීවිතයේ බාධක වැඩි විය හැකි. රැකියා ස්ථාන මාරු ආදිය වුවද යෙදිය හැකියි. මවට හෝ මවුපස ඥාතීන්ටද මදක අපලයි. කෙසේ වෙතත් අධ්‍යාපනය ලබන දූදරුවන්ට සුබයි. නමුත් ඉංජිනේරු අංශවල විභාග ගන්නා ශිෂ්‍යයින්ට නම් බාධක වැඩිවීමක් පෙන්නුම් කෙරේ. දරුපල සම්බන්ධ අපේක්ෂාවන් ඉටු වේ.

තුලා ලග්නය
සුබපල ලැබිය හැකි වසරකි. විදෙස් ගමන් සඳහාද සුබයි. පියපස ඥාතින්ට තරමක් අපලයි. ආර්ථිකය ද පෙරට වඩා ශක්තිමත් වේ. මාර්තු මාසයෙන් පසු ගෘහජීවිතයේද මෙතෙක් පැවති ගැටලු සමනය වේ. විවාහ අපේක්ෂිතයින් නොවැම්බර් මාසයට පෙර ඒවා ස්ථීර කරගැනිම යහපත්ය.

වෘශ්චික ලග්නය
සෙනසුරු ඒරාෂ්ටකයෙහි අවසාන භාගය ගෙවන ඔබ ඉදිරිමාස කීපය තුළ තැලීම් වැටීම් ආදීන් පරිස්සම් විය යුතුය. රිය පදවන අයද බොහෝ ප්‍රවේසවේසම් විය යුතු අතර සෞඛ්‍ය තත්වයන් ගැනද පෙරට වඩා සැලකිලිමත් වන්න. විවාහ කටයුතු ආදිය ලබන වසර දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසුය. විවාහකයින් ද වැඩි ඉවසීමකින් කටයුතු කළ නොකලහොත් පසුතැවිලි සහගත තීරණ ගැනීමට හේතුවිය හැකි කාලසීමාවකි.

ධනු ලග්නය
ඔබ මේ වනවිට ජීවිතයේ විවිධ හැලහැප්පීම් හා බාධකවලට මුහුණදෙමින් සිටිනවා විය හැකියි. සෑම දෙයක් සම්බන්ධයෙන්ම අවංකව මෙන්ම වැඩි උත්සාහයෙන් කටයුතු කල යුතු වසරකි. ප්‍රේම සම්බන්ධතාවලට යෙදෙන අයටද බාධක වැඩි අතර ශක්තිමත් සබඳතා සඳහා පමණක් විවාහයේ පදනම වැටෙන කාලයකි. දුර්වල පෙම් සම්බන්ධතා බිඳවැටීයාමට හැකියි. ඉගෙනීම් කටයුතු වල නියැලෙන ළමුන් විශේෂ අවධානයෙන් කටයුතු කළයුතුය. රැකියාවේ ගැටලු අවම කිරීමට ඉවසිමෙන් කටයුතු කරන්න. නැතහොත් රැකියා අහිමිවිම් වුවද විය හැකියි. හවුල් ව්‍යාපාර ආදියට හෝ ඉක්මන් විවාහ සඳහා නුසුදුසු වසරකි. යම් ආකාරයකින් ඔබ මේ වසරේදී විවාහයට යයි නම්, ඒ සම්බ්නධව පුද්ගලිකවම ජ්‍යෝතීෂ උපදේශනය ලබාගැනීම වඩාත් සුදුසුය.

මකර ලග්නය
සෙනසුරු ඒරාෂ්ටකයෙහි පළමුභාගය ගෙවනා ඔබටද රැකියාවෙහි පීඩාකාරීබව හා මානසික සහනය අඩු කාලසිමාවකි. කෙසේ වෙතත් ගුරු 11 වැන්නෙහි සිටින නිසා ව්‍යාපාර හෝ මංගල කටයුතු සඳහා යම් සුබ පලයක් ගෙන දේ. ආගමට නැඹුරුව කටයුතු කරන්න.

කුම්භ ලග්නය
ශනි 11 වැන්නෙහි ගමන් කළද මාර්තු මාසයෙහි සිදුවන රාහු මාරුවත් සමඟින්ම ඔබේ මානසික පීඩාකාරිත්වය නම් වැඩිවිය හැකියි. දුර දිග නොබලා තීරණගැනීමෙන් ඔබ අමාරුවෙහි වැටීමටද ඉඩ ඇත. පෙම් සම්බන්ධතාවල සිටින්නන්ද ඉවසීමෙන් කටයුතු කළ යුතු කාල සීමවකි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින ළමුන් හෝ විභාග අපේක්ෂකයින්ද ඒවා සාර්ථක කරගැනීඉමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන දුෂ්කර කාලසීමාවක් බැවින් ඉතා උනන්දුවෙන් කටයුතු කරන්න.

මීන ලග්නය
විදෙස් ගමන් බලාපොරොත්තු හා උසස් අධ්‍යාපන කටයුතු සපලවේ. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් යම් පීඩාකාරී වාතාවරණයන් ඇතිවිය හැකියි. විවාහ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු වේ. රැකියාවෙහි ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීවන්න.

සැළකිය යුතුයි:
ඉහත දැක්වූ පලාපල විස්තරය ලග්නහිමියන් සඳහා පොදු කෙටි පලාපල කථනයකි. ඔබේ පුද්ගලික කේන්දරයට අනුව හා ගෙවන දශා කාල අනුව මෙවායේ ප්‍රතිපල යම් තරමකින් අඩු වැඩිවීම් හෝ වෙනස්කම් විය හැකි බව සළකන්න. ඒ සම්බන්ධ සවිස්තරාත්මක වාර්ථා , පොරොන්දම් ගැලපීම් හා නැකත් සෑදීම් ඇතුළු සේවා පුද්ගලිකව අන්තර්ජාලය හරහා ලබාගැනීමට හෝ ඇණවුම් කරගැනීමට පහත දුරකතන අංකය සම්බන්ධකරගත හැකියි.
 

අයි සිරිවර්ධන.
ASTROMANSALA (E Astrology Service Sri Lanka)
071 3400 528