Sunday, March 11, 2018

නියපොතුවල වල හැඩයන් අනුව ඔබ ගැන , ආදරවන්තයා ගැන කියැවෙන විශ්මිත හෙළිදරව්

  

 නියවල හැඩයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාරයි. බොහෝදෙනෙකුට බැලූබැල්මට ඇත්තේ චතුරශ්‍රාකාර නියයැයි ඔබ සිතුවද හොඳින් නිරීක්ෂණය කළ විට ඒවායේ හැඩයන් රවුම් ආකාර, ත්‍රිකෝණාකාර, හා සීනු හැඩයන්ට සමාන ඒවා බව පෙනීයනු ඇත. නමුත් ඔබ දන්නවාද? ඔබේ නැතිනම් ආදරවන්තයාගේ හෝ වෙනත් ඕනෑම අයෙකුගේ ඇතැම් චරිත ල්ක්ෂණ හා යම් යම් ජීවන තොරතුරු එමඟින් හෙළිදරවු කරගත හැකි බව? මෙය දේහ ලක්ෂණ විද්‍යාවට අදාළය. චතුරශ්‍රාකාර නිය හැඩයෙන් හෙළිවන්නේ ඔහු හෝ ඇය බුද්ධිමත්, තැනට සුදුසු නුවණින් හෙබි, ආදායම් මාර්ග කිපයක්ම ඇති යහපත් ගති ලක්ෂණ ඇත්තෙකු ලෙසටයි. එමෙන්ම ඔවුන් කා සමඟත් සුහදවිමට හැකි මනා ඉවසීමේ ගුණයකින් හෙබියි.

   ත්‍රිකෝණාකාර හැඩැති නියපොතු ඇති පුද්ගලයින්ගෙන් නම් ඔබ මදක් පරිසම් වියයුතුයි. පොතපතෙහි සඳහන් පරිදි ඔවුන් සමඟින් ප්‍රේම සබඳතා ඇතිකරගැනීමේදීද ඔබ ඉතා පරිස්සම් විය යුතු බවකි. මොවුන් බොහෝවිට පහසුවෙන් අන්යන් අතර ආකර්ශණය වන නමුත් රාගාධික අයවේ. එනිසාම හැඟීම් වලට වහල්ව අන්යන්ගේ  රැවටිලිවලටද නිතර හසුවේ. කෙසේ නමුත් කලානිර්මාණ බිහිකිරීමේ හැකියාවන් අතින් මොවුන් සිටින්නේ ඉදිරියෙනි. ආධ්‍යාත්මිකත්වය පරදා ලෞකික සැප උපරිමයෙන් විඳිමට මොවුන් වැඩි වශයෙන් ප්‍රිය කරනු ඇත.

   ඇතැම්විට චතුරශ්‍ර නොවූ සීනුවක මෙන් හැඩැති නියපොතු ද ඔබ දැක ඇති. මොවුන් පැරණි දේ සමගින් ඉදිරියට යැමට ප්‍රිය කරන අන්යන්ට පහසුවෙන් යටහත් පහත් වන ගති ලක්ෂණ ඇති අයයි. අලුත් දෙවල් අත්හදාබැලිමට අකමැති මොවුන් අධ්‍යාපනයටද එතරම් උනන්දුවක් හෝ දක්ෂභාවයක් නොදක්වති.  රවුම් හැඩැති නියපොතු ඇති අය භාග්‍යවන්තයින්ය. එසේම ත්‍යාගවන්තයින්ය. ඉවසීමේ ශක්තියෙන් ඉහළයි. යහපත් ගති ඇති මොවුන් බොහෝවිට අන්අයට උපකාර කිරීමට පෙළඹේ. කුමන බාධක පැමිණියත් මොවුන් ප්‍රශ්න හමුවේ පසුබට නොවේ. එනිසා අභියෝගයන්ට සාර්ථකව මුහුණදිමේ හැකියාවද මොවුන් සතුය. සමහර අවස්ථාවලදී කටින් නියපොතු සැපීමට නිතර පුරුදුව සිටින අයද ඔබ දැක ඇති. ඔවුන් කපටීන්ය. ඒසේම රාගාධික තන්හා ගති ඇති ඔවුන් අනුන්ට ඊර්ෂ්‍යා කරන්නන් බවද පැරණි පොතපතෙහි සඳහන්ය.

 ජ්‍යෝතීෂ සේවා සහය සඳහා විමසන්න 071 3400 528

මෙම ලිපියෙහි සම්පූර්ණ අයිතිය www.astromansala.blogspot.com  වෙබ් අඩවිය සතුවේ. එය කුමන ආකාරයෙන් හෝ අවසර නොමැතිව උපුටා ගැනීම වරදකි.