Friday, April 13, 2018

2018 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද?



 "උදාවන 2018 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එතෙර මෙතෙර සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පැතුම් ඉටුවන, නීරෝගී හා ජයග්‍රාහී අවුරුද්දක්ම වේවා....!! "
අලුත් අවුරුද්දේ ඔබේ ලග්න පලාඵල විස්තරය බලාගන්න.

මේෂ ලග්නය
වසර ආරම්භයේදී ඔබ උද්යෝගිමත් ලෙසින් හැසිරුණද අවසන් මාස කිපය තුළ කාර්යබහුල බවක් පෙන්නුම් කරයි. රැකියා සම්බන්ධයෙන් බලාපොරොත්තු රැසක් ඉටුවන වසරකි. පෙම් සම්බන්ධතා වල යෙදී සිටින්නන්ට කාර්යබහුලත්වය  නිසාම කාලය පිළිබඳව යම් ගැටලු වලට මුහුණදීමටද සිදුවිය හැකි බැවින් හැකිතාක් සමබරව කටයුතු කළ යුතු වසරකි.

වෘෂභ ලග්නය
වසරේ මුල් භාගයේදි හදිසි අසනීප ගති මතුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිපල අඩු කාලසීමාවක් වියභැකියි. විවාහකයින් අතර මත ගැටුම් වැඩිවිය හැකි කාලසීමාවක් නිසා මානසික පීඩා වැඩි විය හැකිය. කෙසේ වෙතත් විවාහ දිවියේ ගැටලු ඔක්තෝම්බර් මාසයෙන් පසු තරමක් අඩුවිමක්ද පෙන්නුම් කරයි. හැකිතාක් ඉවසිමෙන් කටයුතු කළ යුතු කාලාසිමවකි. කෙටි ගමන්බිමන් බහුල වේ.

3. මිථුන ලග්නය.
ශනි 7 වැන්නෙහි හා රාහු 2වැන්නෙහි ගමන්කරන මේ වසර තුළ අවිවාහකයින්ගේ ප්‍රේම සම්බන්ධතා වලට බාධක වැඩිවේ. අනවශ්‍ය වියදම් වැඩිවිය හැකි බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් වන්න. වසර අවසානය පමණ වනවිට ප්‍රමාදවීම් හැලහැප්පිලි මැද වුවද ශක්තිමත් පෙම් සබඳතා සාර්ථකවේ. මෙම කාලය තුලදී දුර්වල හෝ වංක ලෙසින් පත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ඳතා බිඳවැටීමක් ද විය හැකියි. සන්ධි ආශ්‍රිත හා වා පිත් සෙම් රෝග ඇති අය රෝග තතව ගැන සැලකිලිමත් වන්න. විවාහකයින් ද ගැටලු අවම වන ලෙසට ඉවසීමෙන් වැඩ කලයුතු කාලයකි.

4. කටක ලග්නය
රාහු ලග්නයෙහි හැසිරීම හා කේතු 7වැනෙහි ගමන් කිරිම නිසා මනසෙහි පිඩාකාරිත්වය වැඩිවන වසරකි. අවිවාහකයින් හා විවාහකයින්ගේ මත ගැටුම් වැඩිවිය හැකි බැවින් දැඩි ඉවසිමකින් කටයුතු කරන්න. ඉගෙනීම් වල නිරත දරුවන්ගේ පසුබැම් පෙන්නු කරන නිසා අධ්‍යයන කටයුතු ගැන වෙනදාට වඩා සැළකිල්ලක් දක්වන්න.

5. සිංහ ලග්නය.
ඔබ වැඩි වශයෙන් ආගමට නැඹුරුවී කටයුතු කරන කාලයකි. අලස ගති වර්ධනය විය හැකියි. ජනවාරි හා පෙබරවාරියේදි පවුලේ අයෙකුගේ අසනීප තත්වයක් ගැන අසන්නට ලැබිය හැකියි. මුල් මස තුන තුළදී ගැබිණි මවුවරුන්ගේ හදිසි රෝග තත්ව මතුවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔක්තෝබර් මාසයෙන් පසු නිවාස පිළිබඳ සිහිනයක් සැබෑකර ගැනීමට අවස්ථාව හිමිවිය හැකියි.

6. කන්‍යා ලග්නය.
මෙම වසර ඔබට සෑම අතින්ම සුබපල හිමිකර දෙන වසරක් විය හැකියි. මිතුරු ඇසුර වැඩිවන හා රැකියා උසස්වීම් ද හිමිවිය හැකි වසරකි. කෙටි විදෙස් ගමන්බිමන් වුවද යෙදිය හැකියි. වසර අවසානයේදි නිවසෙහි උත්සව කටයුත්තක් හෝ අලුත් සාමාජිකයෙකුගේ එකතුවිමක් අපේක්ෂා කළ හැක.

7. තුලා ලග්නය.
මුල් මාස කීපය ඇතුලත සෞඛය තත්වය පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් වන්න. කේන්ති ගැනිම් වැඩි වේ එනිසා ඔබේ වචන භාවිතයෙදී බුද්ධිමත් වන්න. ව්‍යාපාර වල යම් සාර්ථකත්වයක් දැකිය හැකියි. ප්‍රේම දිවියේ යම් ගැටුම් පැවතියානම් මාර්තු මාසයෙන් පසු යම් සහනයක් ලැබෙනු ඇත. අධ්‍යයන කටයුතු කරන ළමුන්ට ද මෙම වසර සුබදායි වේ.

8. වෘශ්චික ලග්නය

ඔබට මෙම වසර යම් අභියෝගාත්මක එකක් වනු ඇත. වියදම් අධික විය හැකියි. ණයට දීම් හෝ ගැනිම් වලින් හැකිතාක් වළකින්න. එයින් පාඩු වුවද සිදුවිය හැකියි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට සිටි අයට මෙම වසර ඉතා සුබදායකයි. ප්‍රේම දිවිය සම්බන්ධයෙන් මිශ්‍ර ඵල ගෙනේ.

9. ධනු.
මෙම වසර ඔබේ ප්‍රේම දිවිය හෝ අනාගතය පිළිබදව අඩිතාලමක් දමා ගන්නට හොඳව වසරකි. ප්‍රතිපල වල ප්‍රමාදයන් ඇතිවුවද වසර අවසානයේදී ක්‍රමයෙන් ඔබේ මහන්සියේ ප්‍රතිපල දැකිය හැකි වේවි. විවාහකයින් අතර සුලු ගැටුම් මතුවිය හැකියි. ඉපයීම් සඳහා මහන්සියෙන් කටයුතු කරන අතරම වේලාවට ආහාර ලබගැනීම ගැනද සැලකිලිමත් වන්න. නැතහොත් උදරාබාධ වැඩිවිය හැක.
10. මකර ලග්නය
ජීවිතයේ යථාර්තය තේරුම් යන කාලයකි. ආගමික කටයුතු සඳහා ද වැඩි වශයෙන් යොමු විමක් දැකිය හැකියි. කාර්යබහුලත්වය අධික වසරක් ද වේ. එනිසා සෞඛ්‍ය තත්වයන් ගැනද නිරතුරුවම සැලකිලිමත්විමට අමතක නොකරන්න. මංගල යෝජනා ආදියෙහි යම් පමාවීම් සිදුවිය හැකියි.

11. කුම්භ ලග්නය
ඔබට ද මෙම වසර වැඩි වශයෙන් සුබපල ගෙනේ. ආයතන ප්‍රධානින් ගෙන් උසස් වීම් හෝ පැසසුම් ලැබිය හැකියි. රැකියා සම්බන්ධව විදෙස් ගමන්බිමන් වුවද යෙදිය හැකියි. අධ්‍යයන කටයුතු වලට මිශ්‍ර ඵලයි. විවාහය හා ප්‍රේමය සම්බන්ධයෙන්ද සුබදායක වසරකි.

12. මීන ලග්නය.
වසර පුරාවටම ඔබේ සෞඛ්‍යය ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න. රැකියාව නිසා ආතති තත්ව වැඩි කෙරේ. ඔබ වැදගත් තීරණයන් ගැනිමට අදහස් කරයි නම්, එය ඔක්තෝම්බර් වලින් පසු ගැනීම වඩා සුදුසුය. ප්‍රේම දිවියේ බැඳීම් ශක්තිමත් වේ. විදෙස් ගමන් බිමන් ද යෙදිය හැක.