Thursday, August 3, 2017

2017 අගෝස්තු 18 රාහු කේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?




  2017 අගෝස්තු 18 රාහු කටක රාශියටත් කේතු මකර රාශියටත් මාරු වේ. රාහුට කටකය සතුරු රාශියකි. කටකය අධිපති චන්ද්‍රයා වේ. (මනස හා සිතුවිලි නියෝජනය කරන ග්‍රහයා )එනිසා පොදුවේ මෙම ග්‍රහ මාරුව මානසික වශයෙන් අවුල්සහගත බව වැඩිකිරීමට හේතු වේ. මෙම ග්‍රහ මාරුව 2019 මාර්තු දක්වාම බලපැවැත්වේ. එය ඔබේ ලග්නයට කුමන ආකාරයට බලපෑමක් සිදුවේද? යන්න සොයා බලමු.

මේෂ ලග්නය

ඔබේ 4 වන්නට රාහු මාරු වේ. කේතු 10ට මාරු වේ. ගෘහයෙහි ප්‍රශ්න, මවගේ සෞඛ්ය තත්වය හා රැකියා ආශ්‍රිත මානසික පීඩාවන් හෝ ගැටලු මතුවිය හැකියි. එමෙන්ම වාහන හා දේපල වෙළඳාම් සම්බන්ධ ගනුදෙනු හෝ මිලට ගැනීම් සිදුකරන පුද්ගලයින් හා ව්‍යාපාරිකයින් තමා ගනු ලබන සෑම තීරණ කෙරෙහි දෙවරක් සිතා බැලිය යුතු කාලයකි.

වෘෂභ
ඔබේ 3 වැන්නට රාහු ද 9 වැන්නට කේතුද මාරු වේ. එය කෙටි විදේශ සංචාර ද ඇතිකරවිය හැකි තත්වයකි. තවද ගමන් බිමන් අධිකවිය හැකියි. සන්නිවේදනය, උපදේශන හෝ අන්තර්ජාලය ආශ්රිත රැකියා කරන පුද්ගලයින්ට යම් සුබ පලද අත් කර ගත හැකියි. කෙසේ වෙතත් සහෝදර සහෝදරියන් හා නෑදෑයින් සමඟ ගැටුම් ඇති කර නොගැනීමට ඔබ වගබලාගත යුතුයි.

මිථුන
ඔබේ රාහු 2 වැන්නට හා කේතු 8 වැන්නට මාරු වේ. ඔබේ ආර්ථිකය නිතර උච්චාවචනය විය හැකි කාල සීමාවකි. සෞඛ්ය තත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් හා අවධානයක් යොමුකළ යුතු කාලයකි. විවාහකයින් අතර වාද ගැටුම් වැඩිවිය හැකි බැවින් පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඉවසිමෙන් වැඩ කළ යුතුයි. මෙම කාලයේදී හවුල් ව්‍යාපාර හෝ ආයෝජන සඳහා යොමු වීම අවදානම් සහිත බවද කිව යුතුය. අවිවාහකයින්ට මිශ්‍රඵල ගෙනේ.

කටක
රාහු ඔබේ ලග්නය නැතිනම් 1 වන ස්ථානයට පැමිණේ. එනිසා මෙම ග්‍රහ මාරුවෙහි තිව්‍රම ප්‍රතිපලය ලැබෙනුයේ ඔබටයි. කේතු 7 වැන්නට ද මාරු වේ. මානසික පීඩාකාරී වාතාවරණයන් වැඩි විය හැකියි. විවාහය හෝ ප්‍රේම සම්බන්ධතා කෙරෙහිද එය යම් අවුල්සහගත බවක් පෙන්වයි. ජීවිතයේ නීරස බොහෝ දුරට අත්විඳිය හැකි කාල සීමාවක්ද විය වේ. හවුල් ව්‍යාපාර මෙම කාලයේදී ඇරඹීම නුසුදුසුයි.  ඉවසීමෙන් කටයුතු කරන්න.

සිංහ
ඔබේ 12 වැන්ට රාහුද 6 වැන්නට කේතුද මාරු වේ. ඔබටද මෙම ග්‍රහ මාරුවෙන් මානසික පීඩන වැඩි කරනු ඇත. ශරීර සෞඛ්යය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන්න. ගනුදෙනු වලදී පාඩු සිදුවිය හැකි නිසා ඒ ගැන පරික්ෂාකාරීවන්න. විදේශ ගමන් බලාපොරොත්තු ඉටුවිය හැකියි.

කන්‍යා
රාහු 11 වැන්නට හා කේතු 5 වැන්නට මාරු වේ. එනිසා ලැබීම් අතින් යම් සුබ පල ලැබිය හැකියි. ව්‍යාපාරිකයන්ට යහපත් වේ. අධ්‍යාපනයේ නියැලී සිටින දරුවන් වෙනදාට වඩා වැඩි අවධානයකින් ඉගෙනීම සිදු කිරීමට වගබලා ගත යුතුයි.

තුලා.
රාහු 10 වැන්නේ හා කේතු 4 වැන්නේ ගමන් කරයි. මව් පස ඥාතියෙකුට හෝ මවට තරමක් අපලයි. බොහෝවිට පවුලේ අයෙකුගේ සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි කාලසීමාවකි. රැකියා කටයුතු වලදී පීඩනය වැඩි කෙරේ. සමහරවිට රැකියා ස්ථාන මාරුවක් හෝ පදිංචියෙහි වෙනසක් වුවද සිදුවිය හැකියි. තරුණ තරුණියන් මෙම කාලය තුළ අනවශ්‍යය සබඳතා සඳහාද නැඹුරුවිය හැකි බැවින් ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කරන්න.

වෘශ්චික.
රාහු  9 වැන්නට හා කේතු 3 වැන්නට මාරු වේ. පවුලේ සාමාජිකයින් හා අමනාපකම් ඇති කර නොගැනීමට වග බලා ගන්න. විදේශ ගමන් බලාපොරොත්තු ඉටුවිය හැකියි. වැටීම් තැලිම් හෝ ආදී අනතුරු වලින් පරිස්සම් විය යුතු කාල සීමාවකි. පියා හෝ පිය පාර්ශ්වයේ අයෙකුට තරමක් අපල ගෙනදිය හැකියි. වචන භාවිතයේදී වෙනදාට වඩා කල්පනාකාරීව කටයුතු කරන්න.

ධනු
රාහු 8 වැන්නට හා කේතු 2 වැන්නට ගමන් කරයි. ඔබේ හෝ විවාහක සහකරු හෝ සහකාරියගේ රෝගී තත්වයන් වරින් වර මතුවිය හැකියි. ඒ ගැන සැළකිලිමත් වන්න. ආර්ථිකයේද ගැටලු ඇති විය හැකියි. ඉතුරුම් අඩුය. විශේෂයෙන්ම විවාහකයින් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලසීමාවකි. ඔබේ බලාපොරොත්තු බොහෝමයක් තුළ ප්‍රමාදයන් වැඩිපුර සිදුවන බවද කිව යුතුයි. ඔබ ශනි ඒරාෂ්ටකයක කාලයක් ගෙවීම යනු උත්සාහයේ තරමට ප්‍රතිපල ගෙනෙන එක්තරා පරීක්ෂණයකි. ආගමට නැඹුරුවී කටයුතු කරන්න.

මකර
රාහු 7 වන්නට හා කේතු 1 වැන්නට මාරු වේ. විවාහය හෝ ප්‍රේමය සම්බන්ධ යම් ගැටලු හා පීඩා ඇතිවිය හැකියි. ඉවසීමෙන් හා දුරදිග සිතා බලා ඒ හා සම්බන්ධ තීරණ ගැනීමට මතක තබාගන්න. ව්‍යාපාර කටයුතු කෙරෙන්ද එතරම් සුබ පල අත් නොවේ. මෙම කාලය තුළදී හැකිතාක් ආගමට නැඹුරුව කටයුතු කිරීම වැදගත්ය.

කුම්බ
රාහු 6 වැන්නට හා කේතු 12 වැන්නට ගමන් කරයි. සෞබ්ය තත්වය සම්බන්ධ ගැටලු මතුවිය හැකි නිසා සැළකිලිමත් වන්න. ගමන් බිමන් වැඩි කාල සීමාවකි. රහස් සබඳතා ඇතිවිය හැකි බැවින් ප්‍රේමවන්තයින්ට ගැටලු ද ඇතිවිය හැකියි. එනිසා එවැනි තත්ව කෙරෙහි බුද්ධිමත්ව කටයුතු කරන්න.

මීන.
රාහු 5 වැන්නට හා කේතු 11 වැන්නට මාරු වේ. ලැබීම් වලට සුබයි. නමුත් වියදම්පස ද වැඩි විය හැකි බැවින් අනවශ්‍ය  වියදම් පාලනය කරගන්න. ඉගැනීමේ කටයුතු වල නියැලී සිටින දරුවන් වැඩි සැළකිලෙන් හා උනන්දුවකින් කටයුතු කළ යුතු කාල සීමාවකි. නැතහොත් අධ්‍යාපන කටයුතු අසාර්ථකවීම් හා පසුතැවිලි වීම් ඇතිවිය හැකියි. ප්‍රේමවන්තයින්ද වැඩිපුර ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කල යුතු කාලසීමාවකි. නැතහොත් ආදර සම්බන්දතා ද බිඳ වැටීමට ඉඩ ඇත. පොදුවේ ඔබට මිතුරු ඇසුර වැඩි කාලසීමවකි.

( ඉහත පොදුවේ දැක්වූ ප්‍රතිපල වල අඩු වැඩි වීම් ඔබගේ පුද්ගලික කේන්දරයේ ග්‍රහ පිහිටීම් හා ඔබ දැනට ගෙවන ඒ ඒ දශා අනුව වෙනස් විය හැකි බව සළකන්න.)
මේ පිලිබඳ සවිස්තර වාර්තා /පලාපල විස්තර නිවසටම සාධාරණ ගාස්තු යටතේ Email මගින් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න- ශාන්තිකර්ම ආදිය සඳහා මුදල් ගසාකෑම් අපගේ සේවාව තුල කිසි විටෙකත් සිදු නොවේ. !! )


071 3400 528
astromansala@gmail.com