Wednesday, April 12, 2017

2017 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ??



2017  සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ??


1. මේෂ - අශ්ටම ඒරාශ්ටකය ජනවාරියේදි අවසන් වීමෙන් පසුගියකාලයේ තිබූ පීඩාකාරී ශාරීරික හා මානසිකත්වයේ යම් අඩු වීමක් හා සුබපල ලැබීමට හේතු වෙයි. පදිංචියෙහි වෙනසක් වුවද විය හැකියි. රැකියාවේ පීඩනය වැඩිවනලෙසට කාර්‍යබහුල විය හැකියි.

2. වෘෂභ - දැනට ඔබ අශ්ටම ඒරාශ්ටකයක සිටී.  ගනුදෙනු වලදීත් පරීක්ෂාකාරී වන්න. රැකියාවේ හෝ සෞඛ්ය තත්ව. විවාහකයන්ගේ නම් පවුලේ කටයුතු හෝ ගැටලු කෙරෙන් පීඩාකාරී මානසිකත්වයන් මතුවිය හැකිය …..හදිසි අනතුරු වුවද ද සිදු විය හැකි නිසා ඉහත පෙන්වාදුන් සියලුම කටයුතු වලදී පරිස්සමින් වැඩ කල යුතු කාලයකි. විදේශ ගමන් බලපොරොත්තුවූ අයගේ බලාපොරොත්තු සපල විය හැකියි.

3. මිථූන - හවුල් ව්යාපාර වලදී ප්රශ්න මෙන්ම විවාහ වන වයසේනම් විවාහ ප්රමාදයන්,යම් යම් බාධා ඇතිවිය හැක. පොදුවේ හවුලේ කරන පොදු කටයුතු හා විවාහකයන් නම් පවුලේ ගැටලු වලදී දැඩි ඉවසීමෙන් වැඩ කරන්න ….ප්රේම සබඳතාවයන්ට අවංක නොවන අයට කර්මපල ලබාදෙන කාලයකි , අවංකව වගකීමෙන් හා දැඩි ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ගැටලු අවමකරගත හැකිය . ආර්ථිකය පවත්වා ගැනීමටද කැපවීමෙන් වැඩ කල යුතුයි.

4. කටක - මිශ්රපල ගෙනදේ ….පැවති නඩු හබ තත්ව ආදියේ කිසියම් නිරාකරණය වීමක් සිදුවිය හැක. සුළු රෝග තත්ව පෙන්විය හැක. ජූලි මාසයෙන් පසුව මානසික ප්‍රශ්න හෝ විවාහකයෙකු නම් එහි ගැටලු තත්ව ඇති විය හැකියි. ඉවසීමෙන් වැඩ කරන්න.

5. සිංහ - මානසික පීඩා ගෙන දේ , අධ්යයනය කටයුතුවල නිරත අය හා ශිෂ්යයන් වෙනදාට වඩා වැඩි උනන්දුවෙන් වැඩ කළ යුතුයි. විදේශ ගමන් යෙදිය හැකියි.

6. කන්යා - පදිංචියේ යම් වෙනසක් හෝ රැකියා මාරු වීම් විය හැක ….ආර්ථික වශයෙන් යම් සුබ පලද ලැබිය හැකියි. මිශ්රපල ගෙනදේ.

7. තුලා - පැවති අවුරුදු හතහමාරක ඒරාශ්ටකය දැනට ගෙවී ඇත.. මෙතෙක් පැවති බාධා වල අඩුවක් දක්නට ලැබෙයි . සුබයි. ව්‍යාපාර  කටයුතු ඇරඹීමට හෝ විවාහය බලාපොරොත්තුවන අයට ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවෙයි. එනිසා උත්සාහයන් අත් නොහැර කටයුතු සැළසුම් කරගන්න. ජූලි මාසයෙන් පසු රැකියාවෙහි වෙනසක් වුවද විය හැකියි.

8. වෘශ්චික - ඒරාශ්ටකයේ අවසන් කොටස ඇරඹේ…..සෑම කටයුත්ත්කදීම , ඉවසීමෙන් පරීක්ෂාකාරීබවින් හා උත්සාහයෙන් වැඩ කරන්න. අස්ථි වැටීම් තැලීම් , ඇස්වල දුර්වලතා ද මතුවිය හැක ඒවා ගැන සැලකිළිමත්ව කටයුතු කරන්න. ජූලි මාසයෙන් පසු විදේශ ගමන් ගැන තිබු බලාපොරොත්තු සපල විය හැක.

9. ධනු - ඒරාශ්ටකයක දෙවන කොටස ඇරඹේ…... මානසික පීඩා ඇති කෙරෙයි , උත්සාහයේ තරමට ප්රතිපල ලැබීම් වල හා  විවාහ කටයුතු වලද ප්රමාදයන්පෙන්වයි , වැටීම්-තැලීම් , ආදී අනතුරු වලින් පරිස්සම් වන්න. ඉතුරු කිරීම් අඩුවිය හැකියි.

10. මකර - ඒරාශ්ටකයක ඇරැඹූමකි …..බොහෝ කටයුතු වල යම් ප්රමාදයන් පෙන්වයි , මිශ්රපල ගෙන දේ. විවාහ අපේක්ෂා කරන අය ඒවා ජූලි මාසයට පෙර සිදු කරගත යුතුයි. රැකියාවේ උසසවීම් බලාපොරොත්තු විය හැකිය.
11. කුම්බ - සුබපල ලැබෙන කාලයක් ඉදිරි වසර දෙකහමාර තුල ගෙන දේ , මෙතෙක් ප්රමාද වූ බලාපොරොත්තු බොහෝමයක් උත්සාහයෙන් සපල කරගත හැකි ආර්ථිකයට ද සුබ කාලයකි…. .නමුත් හවුල් කටයුතු වලදී නම් තරමක් ප්රශ්න ඇතිවිය හැකි කාලයක් බව දැනුවත්ව කටයුතු කරන්න . ජූලි මාසයෙන් පසු ආර්ථිකයේ සුලු වර්ධනයක් විය හැකියි.

12. මීන - රැකියාවේ තරමක් පීඩා හෝ ගැටලු , විවාහ ප්රමාදයන්ට හේතු විය හැකිය , අධ්‍යාපන කටයුතු වලට බාධා වැඩිවිය හැකියි, එනිසා උනන්දුවී වැඩ කළ යුතුයි. පදිංචියේ වෙනසක් හෝ රැකියා කටයුතු වලට විදෙස්ගතවීම් හෝ දුර පලාතකට මාරු වීම් වැනි දෙයක් වුවද සමහර විට විය හැක , මිශ්ර පල ගෙන දේ.

 
( ඉහත පොදුවේ දැක්වූ ප්රතිපල වල අඩු වැඩි වීම් ඔබගේ පුද්ගලික කේන්දරයේ ග්‍රහ පිහිටීම් හා ඔබ දැනට ගෙවන ඒ ඒ දශා අනුව වෙනස්  වෙනස් විය හැකි බව සළකන්න.)
 
මේ පිලිබඳ සවිස්තර වාර්තා /පලාපල විස්තර නිවසටම සාධාරණ ගාස්තු යටතේ Email මගින් ගෙන්වා ගැනීමට අවශ්ය නම් අපව අමතන්න- ශාන්තිකර්ම ආදිය සඳහා මුදල් ගසාකෑම් අපගේ සේවාව තුල කිසි විටෙකත් සිදු නොවේ. !!

071 3400 528
astromansala@gmail.com