Wednesday, March 29, 2017

හොළිවුඩ් නිලි ඇන්ජෙලිනා ජොලී ට දිගටම දික්කසාදය ඇති කළ ග්‍රහ පිහිටීම - ඔබේ ආදරවන්තයාටත් මේ පිහිටීම තිබෙනවාද? ....




 
   ඇන්ජෙලිනා ජොලී යනු සුප්‍රකට හොළිවුඩ් නිලියකි. වත් පොහොසත්කම් වලින් කිසිම අඩුවක් නැතත්, ඇගේ කසාද ජීවිතය දිගටම දික් කසාද කීපයක්ම වී අසාර්ථක වෙමින් තිබුණි. වරක් ඇය ඉන්දියාවේ සංචාරය කරනා අතර තුර විනෝදයට මෙන් ඇගේ උපන් වේලාව එරට ප්‍රසිද්ධ ජ්‍යොතීෂවේදීයකුට ලබාදී ඇත. ඔහු ඇයගේ කේන්දරය සාදා ලබා දුන් ප්‍රතිපලයේ හටියට ඇයට ධනය සම්බන්ධයෙන් වටිනා රාජ යෝග ඇතත්, කිසි දිනක ඇය බලාපොරොත්තු වූ ආකාරයේ විවාහයක් ඇයට නොලැබෙන බවත්, විවාහ වුවහොත්  බොහෝවිට දික්කසාදයට යොමුවන බවත් පවසා තිබුනි. එය බොහෝදුරට සැබෑ විය. ඇයගේ ජීවිතයේ දික්කසාදයන් දිගටම සිදුවිය.

   සිකුරු (ශුක්‍ර ) හා කේතු ග්‍රහයා සංයෝගවී කේන්දරයක සිටින විට නැතිනම් කේතු සිටි තැන සිට 5, 7, 9 වැනි කොටුවක සිකුරු සිටිනා විට ඒ ඇය හෝ ඔහු කිසි දින තම කසාදය තුලින් සෑහීමකට පත් නොවෙනු ඇත, ඔවුන් කුමන දේයක් ලැබුණද තවත් කුමක් හෝ අඩුවක් නිතරම අනෙත් පාර්ශවයෙන් දකී. ඔහු හෝ ඇය සතුටු කිරීම ඉතාම අපහසු කරුනකි. 

  එක්වී සිටියහොත් ගැටුම් මැද අසතුටින් හෝ රහස් අනියම් සම්බන්ධතා , නැතිනම් නොයෙකුත් මත් ද්‍රව්ය වැනි ඇබ්බැහිවීම් මැද දිවි ගෙවනු ඇත.  ඔවුන් බොහෝ විට අංග සම්පූර්ණ සහකරුවන් සොයයි, වෙනත් කසාදයන්ට ගියද ඔවුන් සොයන සතුට කිසි දිනක නොලැබේ. එනිසා මෙවැනි කේන්දර හිමි අයගේ කසාදය බොහෝ විට අසාර්ථකයි.
යම් ලෙසකින් ඇය බ්‍රැඩ් පිට් (අවසන් සැමියා ) සමඟ යළි එක් වුවත්, ඇයගේ විවාහ ජීවිතයේ ගමන ගෙනයාමට සිදුවනුයේ තවදුරත් අසතුටුදායක වාතාවරණ මධ්‍යයේම බව කිව යුතුය.
ඔබ විවාහයකට යයි නම් පොරොන්දම් 20 පමනක් නොවේ, මෙවැනි ග්‍රහපිහිටීම් -සංයෝග පරීක්ෂාව මගින් සහකරු හෝ සහකාරිය ගැන දැනුවත් වීමත් වැදගත් වනු ඇත.

www.astromansala.blogspot.com

(2017-03-29)