Saturday, February 25, 2017

අපලයි කියලා නිකරුණේ තවත් සල්ලි නාස්තිකරගන්න එපා !!



විවාහ දෝෂ , දරුණු අපල දුරුකරන උතුම්  "අන්තරාය නිවාරණ පිරිත" - “ පිරිතෙහි බලය විද්‍යාවෙන් ඔප්පු කර ඇත





    මෙම පිරිත නිවසේ භවිතා කරමින් පස් පවින්  වැළකී සිටීනම්, ඔබට වෙනත් ප්‍රතිකර්ම අවශ්‍ය නොවේ. සැබවින්ම බුදු ගුණයෙහි හා කර්මශක්තින් වල බලය අන් සියල්ලටම වඩා බලවත්ය. කුසල් වඩවාගනිමින් මෙය භාවිත කළහොත් විශ්මිත ප්‍රතිපල ඔබට ලැබෙනු ඇත.
දිනපතා නිවසේ බුදු පහන දල්වා තබා මෙම උතුම් පිරිත ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. නැතිනම් ස්ජ්ජායනය කරන්න
නිවසෙහි කූඩු කල සතුන් හෝ මාළු ටැංකි නොතිබිය යුතුය.

අන්තරාය නිවාරණ පිරිත
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
1. සම්මා සම්බුද්ධානං ජීවිතස්ස නසක්කා කේනචී අන්තරායෝ කාතුං
2. සම්මා සම්බුද්ධානං ජබ්බතරංසිනං නසක්කා කෙනචී අන්තරායෝ කාතුං.
3. සම්මා සම්බුද්ධානං  ද්වත්තිංසමහාපුරිස  ලක්ඛණානං නසක්කා කේනචී අන්තරායෝ කාතුං.
4. සම්මා සම්බුද්ධානං අභිභට  චතුන්නං පච්චයානං  නසක්කා කෙනචි අන්තරායෝ කාතුං. 

ඒතේන සච්චවජ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිඬි භවන්තු මෙ/තෙ
** තමා සඳහා නම් මෙ'   ද අනුන් සඳහා නම් තෙ' ද කියන්න.
-----------------------------------------------------------------------------------------------------------------------------------------

මෙහි සිංහල තේරුම :-

1.සම්මා සම්බුදුවරයන් වහසේලාගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.
2. සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවට අනතුරක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.
3.  සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.
4. සම්මා සම්බුදුවරයන් වහන්සේලා වෙත පමුණුවන ලද සිවුපසට අනතුරක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.

 මේ සතර අශ්චර්‍යය ධර්මයනට අනතුරක් කිරීමට කිසිවෙකුටත් නොහැකිමය.  මේම සත්‍යයේ බලයෙන් සියලු අනතුරු, අවශේෂ මර බලවෙග දුරු වී ජයසෙත ශාන්තිය උදා වේවා !!

www.astromansala.blogspot.com