Monday, February 20, 2017

සැබැවින්ම ‘ කේන්දරය ’ බොරුවක්ද රැවටීමක්ද ?? ?



          
        





ජොතීෂය යනු රැවටීමට හසු කරන විෂයක් නොව ඔබේ ජීවිතය සැබවින් දැක හැඩ කරවිය හැකි කැඩපතකි……. !!


    මෙම විෂයට වසර දහස් ගණනක වටිනා ඉතිහාසයක් ඇත. සිදුහත් උපතේදී දෛවඥයන් කීපදෙනෙකු විසින්  කුමරු ගිහි ගෙයි විසූවහොත් සක්විති රජකමලබන බවත්, ගිහි ගෙය හැර ගියහොත් බුද්ධත්වයලබන බලවත් උපතක් බව පැවසූහ. එසේම ක්රිස්තු ධර්මයට අනුවත් ජේසු උපතේදී  තාරකා ශාස්ත්රයට අනුව එය බලවත් රජෙකුගේ’ ( The king of Kings ) උපතක් බවටත්  අනාවැකි පළවූ බවට සාක්ෂි ඇත.

    නමුත් අවාසනාවකට අද බොහෝ පුද්ගලයන් විවිධ මුදල්මය , දේශපාලන හා පුද්ගලික වාසි තකා මෙම වටිනා විෂය පටු අරමුණු සඳහා වැරදි ආකාරයට භාවිතා කිරීමෙන් සමාජයට වැරදි ආදර්ශයක් ලබාදෙන අවස්ථා විරල නැත

  මේ අතර මෘදුකාංග භාවිතය මගින් පොරොන්දම් හා පලාපල පරීක්ෂා කිරීමට ගොස් වැරදි සිදුකරගැනීම්   වාර්තාවේ. ඉන්දියාවේ හා ලංකාවේ මෙතෙක් බිහි වූ කිසිම  ජෝතීෂය මෘදුකාංගයයක්  100% නිවැරදි ප්රතිපල ලබා දීමට අසමත්ව ඇත්තේ, ජෝතීෂය විවිධ පැතිකඩ  දක්වන ගැඹුරු විෂයක් වන බැවිනි.  ඉන් ඔබට නිවැරදි කේන්දර සටහන් ලබා දීමට සමත් වේ. එහෙත් ලබා දෙන ප්රතිපල අර්ථකතන තුල බොහෝ අඩුපාඩු දක්නට ලැබේ.

   තවත් පිරිසක් නිසි දැනුමක් නොමැති ඇදුරන්ට හසුවී යන්ත් හා මන්ත් ගුරුකම් නිසා මුළාවට පත් වෙන අවස්ථා ද නැත්තේම නොවේ. අප ජීවිතවල බොහෝමයක් දේවල් සිදුවන්නේත් , වැළකෙන්නේත් අපගේ කර්ම ශක්තිවලට' ද අනුරෑපවයි එය බුදු දහමට අනුවත් සත්යයකි

  සැබැවින්ම ජෝතීෂය යනු ඔබේ දිවිය දැකිය හැකි , කැඩපතකි.’ එම කැඩපත ආධාරයෙන් ඔබගේ ජීවන ගමනේ අඩුපාඩු සාදා ගැනීමත් , කර්ම ශක්තිය අවශ් අවස්ථාවක්ට පිහිටක් වන පරිදි වර්ධනය කර ගැනීමටත් අවශ් මාර්ගෝපදේශයක් ඉන් ඔබට ලැබෙනු ඇත. එයින් ජීවිතය ආලෝකවත් කරගැනීමේ උත්සාහය ඔබම  සතු දෙයකි.

( මෙම ලිපිය කිනම් ආකාරයකින් හෝ අවසර නොමැතිව  උපුටා ගැනීම වරදකි.)



අයි. යූ. එම්. සිරිවර්ධන
ASTROMANSALA